උතුරු කොරියා රජයේ ඉහළ පෙළේ නිලධාරීන් 5 දෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.
උතුරු කොරියාව මීට දින දෙකකට පෙර සිදු කළ මිසයිල අත්හදා බැලීමට විරෝධය පළ කරමින් මෙලෙස සම්බාධක පැනවීමට අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කළ බවයි පැවසෙන්නේ. ඔවුන් අත්හදා බැලූයේ හයිපොසොනික් වර්ගයේ වේගවත් දිගු දුර මිසයිලයක් බවත් එය සාර්ථක වූ බවත් උතුරු කොරියා නායක කිම් ජොන් උන් ඊයේ නිවේදනය කළා. මෙය උතුරු කොරියාවේ තෙවැනි හයිපොසොනික් මිසයිල අත්හදා බැලීම වන අතර මෙම වසර තුළ අත්හදා බැලූ දෙවැනි හයිපොසොනික් මිසයිල අත්හදා බැලීම ලෙසද සැළකෙනවා. හයිපොසොනික් යනු බැලැස්ටික් මිසයිලවලටත් වඩා රහසේ රේඩාර් පද්ධති මගහැර යා හැකි ආකාරයේ මිසයිල වර්ගයක් බවයි පැවසෙන්නේ.
The post උ.කොරියා රජයේ ඉහළ පෙළේ නිලධාරීන් 5 දෙනෙකුට අමෙරිකාවෙන් සම්බාධක appeared first on ITN News.
Post a Comment