Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව පුරා සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වීමට තවත් වසර දෙකක්  

Add comments

සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වීමට තවත් වසර දෙකක් පමණ ගතවනු ඇති බව ජගත් සංවිධානය පවසනවා.

කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් මේ වනවිට ලොව පුරා සංචාරක කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ පා තිබෙනවා. එය යථා තත්ත්වයට පත්වීමට 2024 දක්වා කල් ගතවනු ඇති බවටයි ලෝක සංචාරක සංවිධානය පවසන්නේ. යම්තාක් දුරකට යථාතත්ත්වයට පත්වූ සංචාරක ව්‍යාපාරය ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ යළි කඩාවැටීමට ලක්ව තිබෙනවා. 2020 වසරේ දී ලොවපුරා සංචාරක ආදායම 2019 වසරට සාපේක්ෂව 72% කින් පමණ පහළ ගොස් ඇති බවද සඳහන්. පනවා ඇති නිරෝධායන නීති හේතුවෙන් සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වීම ඉතා මන්දගාමී ස්වරූපයක් ගෙන තිබෙනවා. 2020 වසරේ දී යුරෝපයට හා ඇමෙරිකාවට පැමිණෙන සංචාරකයින්ගේ සියයට දහනවයක පමණ වර්ධනයක් පෙන්නුම්කර තිබෙනවා. කෙසේ වුවද මැදපෙරදිග කලාපයට පැමිණෙන සංචාරකයින් 24% කින් ද ආසියා පැසිෆික් කලාපයේ 65% කින්ද පහළ බැසි ඇති බවයි වාර්තා වන්නේ

 

 

 

The post ලොව පුරා සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වීමට තවත් වසර දෙකක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG