Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට සමස්ත කොරෝනා ආසාදිත‍යින් සංඛ්‍යාව ලක්ෂ හයේ සීමාව ඉක්මවයි  

Add comments

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ හයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඊයේ දිනය තුලදී කොරෝනා ආසාදිතයන් 840 දෙනෙකු  මෙරටින් වාර්තා වූ බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 600203 ක් දක්වා ඉහළ ගියා. ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 15888 දෙනෙක්. ඊයේ දිනය තුලදී කොරෝනා ආසාදිතයන් 214 දෙනෙකු සුවය ලැබූවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 569043 ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනයේදී කොරෝනා මරණ 17 ක්ද වාර්තා වී තිබෙනවා. මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15272ක්.

කොරෝනා මර්දන එන්නතෙහි පළමු මාත්‍රාව 16403883 දෙනෙකුට ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා. දෙවන මාත්‍රාව 13881187 දෙනෙකුට ලබා දී ඇති අතර බූස්ටර් එන්නත 4884060 දෙනෙකුට ලබා දී තිබෙනවා.

 

 

The post මෙරට සමස්ත කොරෝනා ආසාදිත‍යින් සංඛ්‍යාව ලක්ෂ හයේ සීමාව ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG