19 න් පහළ යොවුන් ලෝක කුසලනා තරගාවලියේ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් පිල පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත්වුණා.
ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමගින් තමන් සහභාගී වූ තරග තුනම ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වයට සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත්වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් සිය පන්දුවාර 50 අවසානයේදී කඩුළු 9 ක් දැවී ලකුනු 250ක් රැස්වුණා. කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කෙවින් විකෑම් ලකුණු 56ක් රැස්කළා. පන්දුයැවීමේදී දුනිත් වෙල්ලාලගේ ලකුණු 39 ට කඩුළු 3 ක් බිද හෙලුවා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 2 කදී කඩුළු 7ක් පමණක් දැවී ලකුණු 251 ක් ලබාගනිමිනුයි තරගයේ ජය හිමි කර ගත්තේ. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුනු ලාභියා වූ සදීශ රාජපක්ෂ ලකුණු 76 ක් රැස් කලේ ශ්‍රී ලංකා කණ්ඩායම ජය හිමිකරමිනුයි. තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේද සදීශ රාජපක්ෂයි.
The post යොවුන් ලෝක කුසලානයේ අභියසට යන ශ්‍රි ලංකාව appeared first on ITN News.
Post a Comment