Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බොරැල්ල පල්ලියේ බෝම්බයේ සැකකරුවෙකුගෙන් රහසිගත ප්‍රකාශයක්  

Add comments

බොරැල්ල ප්‍රදේශයේ දේවස්ථානයක තිබී බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අතරින් අදාළ බෝම්බය දේවස්ථානය වෙත රැගෙන ආ බවට සදහන් කෙරෙන සැකකරු  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අදහස් ප්‍රකාශයක් ලබා දුන්නා.

කොළඹ අපරාධ ‌කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද දහවල් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයී මෙම රහසිගත ප්‍රකාශය සිදු කර තිබෙන්නේ.

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයෙන් ජීව අත්බෝම්බයක් හමුවන්නේ පසුගිය 11 වනදායි. මෙම බෝම්බය දේවස්ථානයේ සුරුවමක් තුළ සුක්ෂම ලෙස සවිකර තිබු අතර බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුවයි මෙය සොයා ගැණුනේ. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇති අතර අද එම  සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සදහන් කළේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාගත් රැදවුම් නියෝගයකට අනුව දින 90කට කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවස්ථාව හිමිවී ඇති බවයි. නමුත් අදාළ සැකකරු මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ රහස් ප්‍රකාශයක් සිදු කිරීමට අවශ්‍ය බව දැනුම් දී ඇති හෙයින් ඔහු අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

මෙහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරු අමතමින් විමසා සිටියේ තමන් එම ප්‍රකාශය සිදු කිරීමට සුදානම් වන්නේ ස්වෙච්ඡාවෙන්ම ද නැතිනම් කිසිවෙකුගේ බලපෑමක් මතද යන්නයි. එවැනි ප්‍රකාශයක් ලබාදුනහොත් එය තමන්ට එරෙහිව සාක්ෂියක් වශයෙන් යොදා ගැනීමට හැකියාව පවතින බවත් මහේස්ත්‍රාත්වරිය මෙහිදී සැකකරුට පෙන්වා දුන්නා. අනතුරුව සැකකරු සදහන්කර  සිටියේ තමන් අදාළ ප්‍රකාශය ස්වෙච්ඡාවෙන්ම සිදුකරන බවයි.

 

The post බොරැල්ල පල්ලියේ බෝම්බයේ සැකකරුවෙකුගෙන් රහසිගත ප්‍රකාශයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG