Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රසීලයේ ගංවතුර සහ නායයාම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 94 දක්වා ඉහළට  

Add comments

බ්‍රසීලයේ පෙට්රෝ පොලිස් නගරයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇති වූ ගංවතුර සහ නායයාම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 94 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නගරයට උතුරින් පිහිටි මෙම කඳුකර ප්‍රදේශයේ පිහිටි නගරයේ ගංවතුර සහ නායයාම්වලින් නිවාස රැසක් හානියට පත්ව ඇති අතර මෝටර් රථ රැසක් ජලයට හසු වී විනාශ වී ඇති බව වාර්තා වනවා. විශාල පිරිසක් අතුරුදන්ව ඇති අතර අහිමි වන ජීවිත සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති බවටයි වාර්තා වන්නේ. ගලවා ගැනීමේ කණ්ඩායම් මඩ යට සිරව සිටින පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර සිර වී සිටින පුද්ගලයින් විසිහතර දෙනෙකුද මුදාගෙන තිබෙනවා. බ්‍රසීල ජනාධිපතිවරයා මේ වන විට රුසියාවේ නිල සංචාරයක නිරත වන බවද වාර්තා වනවා.

 

The post බ්‍රසීලයේ ගංවතුර සහ නායයාම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 94 දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG