ගත වූ පැය 24ට ලොව පුරා රටවල් 225 කින් හමුවී ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 17 කට ආසන්නයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 4,965 ක්.
ඊයේ දිනයේදී වැඩිම වයිරස ආසාදිත සංඛ්‍යාවක් හමුව ඇත්තේ දකුණු කොරියාවෙන්. එම සංඛ්‍යාව 353,000 ඉක්මවා තිබෙනවා. එමෙන්ම ජර්මනියෙන් 268,000 ක් ප්‍රංශයෙන් 180,000 ක් වියට්නාමයෙන් 130,000 ක් හා ඉතාලියෙන් 96,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඊයේ දිනයේදී වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 472 සිදුව ඇත්තේ රුසියාවෙන්. ඒ සමඟම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටඑක් ලක්ෂ විසිදෙදහස ඉක්මවා ගියා. හමුව ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හතලිස් හත්කෝටි හතලිස් හත් ලක්ෂයකට ආසන්න බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ.
The post ගත වූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දකුණු කොරියාවෙන් වාර්තා වෙයි appeared first on ITN News.
Post a Comment