චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශක GaoFeng මහතා ඊයේ (17) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ, පසුගිය ජනවාරි මස සිට පෙබරවාරි මස දක්වා චීනය විදෙස් ව්‍යවසායන් ස්ථීර තත්ත්වයක පවත්වා ගෙන ඇති බවයි. මේ වසරේ මුල් මාස දෙක තුළ චීනයේ
විදේශ ආයෝජන පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 37.9කින් වර්ධනය වී තිබේ.
චීන ආර්ථිකයේ දිගුකාලීන ස්ථාවරභාවය, විදේශ ආයෝජනය පිළිබඳ ස්ථීර ප්‍රතිපත්ති හා චීනයේ ව්‍යාපාරික පරිසරය අඛණ්ඩව යහපත් වීම එම වර්ධනයට හේතු වී ඇත. චීනය තවදුරටත් විවෘත භාවය පුළුල් කරමින්, විදේශ ආයෝජකයන්ට වඩාත් යහපත් සේවා සැපයෙන, ඉහළ මට්ටමේ අලෙවිකරණ හා ජාත්‍යන්තරකරණයෙන් යුතු ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කරනු ඇතැයි GaoFeng මහතා කියාසිටී.
The post උසස් මට්ටමේ විවෘත භාවය තවදුරටත් පුළුල් කරන බව චීනය කියයි appeared first on ITN News.
Post a Comment