ශ්රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු යුරි මැටේරියි (Yury Materiy) මහතා ඊයේ ( 15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවී තිබෙනවා.
ශ්රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති යුරි මැටේරියි මහතා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවූ ප්රථම නිළ හමුව මෙය වූ අතර, මෙම නිළ හමුවේදී නාවික හමුදාපති සහ රුසියානු තානාපති අතර ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහඳ පිළිසඳරක් පැවැත්විණි.
තවද, මෙම අවස්ථාව සඳහා ශ්රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ හමුදා උපදේශක, කර්නල් ඇලෙක්සි ඒ. බොන්ඩරෙව් (Aleksey A.Bondarev) ද සහභාගී වී සිටින ලදී.
The post ශ්රී ලංකාවේ රුසියානු තානාපති නාවික හමුදාපති හමුවෙයි appeared first on ITN News.
Post a Comment