ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 225 ක් අතුරින් වැඩිම කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ දකුණු කොරියාවෙන්. එම සංඛ්‍යාව දෙලක්ෂ දසදහසකට ආසන්නයි.
එමෙන්ම ඊයේ දිනයේ දී ජර්මනියෙන් 182,000 ක් වියට්නාමයෙන් 131,000 ක් හා බ්‍රිතාන්‍යයෙන් 55,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඊයේ දිනයේදී සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව වන 409 වාර්තා වන්නේ රුසියාවෙන්. ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටඑක් ලක්ෂ පන්දහස් පන්සියය ඉක්මවා ගියා. හමුව ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හතලිස් හත්කෝටි විසිහය ලක්ෂයකට අධික බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ.
The post ඊයේ දිනයේදී සිදුවූ වැඩිම කොරෝනා මරණ රුසියාවෙන් appeared first on ITN News.
Post a Comment