ලෝක ජල දිනය අදයි. ඒ වෙනුවෙන් වැඩසටහන් කිහිපයක්ම සංවිධාන කර තිබෙනවා. භූගත ජලය ආරක්ෂා කර ගනිමු මැයෙන් ලෝක ජල දිනය සැමරීමේ ජාතික උත්සවය අරලියගහ මන්දිරයේදී පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.
ජල සම්පාදන අමාත්‍යාංශය සහ ග්‍රාමීය හා ප්‍රාදේශීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ආමාත්‍යාංශයයි ලෝක ජල දින ජාතික උත්සවය සංවිධාන කරන්නේ. සැමට සුරක්ෂිත පානිය ජලය ලබා දීමේ අරමුණෙන් ගම් දහසකට සුරක්ෂිත පානීය ජලය වැඩසටහන ක්‍රියාත්මක කෙරුනා. මේ යටතේ වැඩ අවසන් කළ නව ජල යෝජනා ක්‍රම 38 ක් ජනතා අයිතියටපත් කිරීම මෙහිදී සිදු කෙරෙනවා.
ප්‍රතිසංස්කරණය කරන ලද ව්‍යාපෘති 152ක් සහ වකුගඩු රෝග බහුල ප්‍රදේශවල ඉදිකළ නැනෝ පිරිපහදු පද්ධති සියයක් ජන අයිතියට පත් කෙරෙන්නේද මීට සමගාමීවයි. නව තාක්ෂණයෙන් යුතු පිරිපහදු පද්ධති 31ක් ජනතා අයිතියට පත්කිරීම ද සිදු කෙරෙනවා. මේ සදහා මුළු ආයෝජනය රුපියල් මිලියන 980ක්. ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 84497ක්. ජලය මිල කළ නොහැකි සම්පතක් බැවින් එය ආරක්ෂා කර ගන්නා ලෙසයි ජල සම්පාදන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
The post ලෝක ජල දිනය අදයි appeared first on ITN News.
Post a Comment