යුක්රේන හමුදා මරියුපෝල් නගරයේ බලය රැකගැනීමට අසමත් වුවහොත් එය රුසියාවට සංකේතාත්මක ජයග්‍රහණයක් වන බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
මරියුපෝල්හි බලය රැක ගැනීමට යුක්රේන හමුදාව නගර වැසියන් මානුෂීය පළිහක් ලෙස යොදාගන්නා බවයි නගරයෙන් පළා ආ සාමාන්‍ය ජනතාව චෝදනා කරන්නේ.යුක්රේන රුසියා දෙපාර්ශ්වයටම මරියුපෝල් නගරය ඉතාමත් වැදගත් සංදිස්ථානයක් ලෙසයි සැලකෙන්නේ. කෙසේ වුවද මේ වනවිටත් රුසියා හමුදා එම නගරය සම්පූර්ණයෙන්ම වටකර සිටිනවා. ආහාර , ඖෂධ , විදුලිබලය , පානීය ජලය හා ගෑස් නොමැතිවීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බවද සඳහන්. කෙසේ වුවද නගරවැසියන් ඉන් ඉවත් කිරීමට රුසියා හමුදාව මැදිහත්වී කටයුතු කරන බව රුසියා ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා.
කියෙව් නගරයේ සාප්පු සංකීර්ණයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාරයක් එල්ල කළේ එම ස්ථානය යුක්රේන ආයුධ ගබඩාවක් ලෙස පවත්වාගෙන යාම හේතුවෙන් බව රුසියාව පවසනවා. ප්‍රහාරයට ලක්වූ සාප්පු සංකීර්ණය යුක්රේන හමුදාවට අයත් රොකට් අවි ගබඩාවක් ලෙස භාවිත කර ඇති අතර එහි සිට අවි සම්පාදනය කර ඇති බවද සඳහන්. ප්‍රහාරයෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග කියෙව් නගරයට හෙට දිනය තෙක් ඇදිරිනීතිය පැනවූවා.
මේ අතර රුසියාවට තර්ජනයක් ඇතිවන ආකාරයෙන් යුක්රේනය භාවිත කිරීමට ඇමෙරිකාව කටයුතු කිරීම යුක්රේනය තුළ යුද මෙහෙයුමක් ආරම්භ කිරීමට ප්‍රධානම හේතුව බවයි රුසියා ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. යුක්රේනයේ ක්‍රියාත්මක නාසි බලවේග ඉවත් කිරීම ද මෙම යුද මෙහෙයුමේ තවත් අරමුණක් බව ඔහු පෙන්වා දෙනවා. යුද මෙහෙයුමට සම්බන්ධවී සිටින්නේ ලොව පිළිගත් යුද හමුදාවක් බැවින් සිවිල් වැසියන්ට කිසිඳු හානියක් සිදුකිරීමට තම හමුදා ක්‍රියා නොකරන බවයි රුසියා ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
මේ අතර මයිකොලයිව් නගරය ඉලක්ක කර ගනිමින්ද රුසියා හමුදාව ඊයේ ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කළා. ඉන් නගරයේ ගොඩනැගිලි රැසක් විනාශයට පත්වූ බවයි මයිකොලයිව් ආණ්ඩු කාරවරයා සදහන් කරන්නේ. කෙසේ වුවද මියගිය හෝ තුවාල ලැබූ පුද්ගලයින් පිළිබඳව මේ වන තෙක් වාර්තා වන්නේ නැහැ.
සැපයුම්දාම බිඳවැටීම හේතුවෙන් රුසියා හමුදා කියෙව් නගරය ආක්‍රමණය කිරීම තවදුරටත් අණහිට ඇති බව ඇමෙරිකා බුද්ධි අංශ සඳහන් කරනවා. ඔවුන්ට අවශ්‍ය ආහාර , ඖෂධ හා ඉන්ධන සැපයුම් ඉලක්ක කර ගනිමින් යුක්රේන හමුදා ප්‍රහාර එල්ලකිරීමත් සමඟ එම සැපයුම්දාම බිඳවැටුණා. කියෙව් ආක්‍රමණය කිරීම පසෙකලා ඔවුන් ආරක්ෂාවීමට උත්සාහ කරන බවයි ඇමෙරිකා බුද්ධි අංශ පෙන්වා දෙන්නේ.
යුක්රේනය තුළ රුසියාව සිදුකරන යුද අපරාධ සම්බන්ධයෙන් තමන් කරුණු රැස්කරමින් සිටින බව පෙන්ටගනය නිවේදනය කරනවා. රුසියාව යුද අපරාධ සිදුකරන බවට පැහැදිලි වාර්තා තිබෙන බවයි පෙන්ටගනය තවදුරටත් පවසන්නේ.
The post මරියුපෝල්හි බලය අල්ලා ගැනීමට සමත් වුවහොත් එය රුසියාවට සංකේතාත්මක ජයග්‍රහණයක් appeared first on ITN News.
Post a Comment