ඉන්දීය රජයේ අනුග්‍රහය යටතේ එරට දී හෝමියෝපති වෛද්‍ය උපාධිය හැදෑරීමට ශ්‍රී ලාංකීය සිසුන් දස දෙනෙකුට අවස්ථාව හිමිව තිබෙනවා.
මෙම සිසුන් සදහා ගුවන් ගමන් ටිකට්පත් ප්රදානය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අතින් එම අමාත්‍යාංශයේදී සිදු කෙරුණා. ජීව විද්‍යා ධාරාවෙන් උසස්පෙල සමත් සිසුන් දස දෙනෙකු මේ සදහා තෝරාගෙන තිබුණේ ප්‍රසිද්ධ දැන්වීමක් මගිනුයි. සීමාවාසික පුහුණුව ද ඇතුළුව වසර පහමාරක හෝමියෝපති වෛද්‍ය විද්‍යාව හැදෑරීමට මොවුන්ට අවස්ථාව උදා වනවා. ශ්‍රී ලංකාවේ හෝමියෝපති වෛද්‍ය සභාවේ ලියාපදිංචි ලබාගැනීමෙන් පසු ඔවුන්ට හෝමියෝපති වෛද්‍යවරයකු ලෙස සේවය කිරීමේ අවස්ථාව උදාවන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.
The post ඉන්දියාවේ හෝමියෝපති වෛද්‍ය උපාධිය හැදෑරීමට ශ්‍රී ලාංකීය සිසුන් 10 දෙනෙකුට අවස්ථාව appeared first on ITN News.
Post a Comment