Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මිරිහාන සිද්ධියට සම්බන්ධ 06ක් රිමාන්ඩ් – ඔවුන් හදුනා ගැනීමේ පෙරෙට්ටුවකට  

Add comments

නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ පෙරේදා ඇති කළ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට සම්බන්ධ වූ පුද්ගලයන් පිරිසක් ලබන හතර වනදා හදුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සැකකරුවන් විසිඑක් දෙනෙකු ඇප මත ඊයේ නිදහස් කෙරුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිවස පිහිටි ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත වූ පිරිසක් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම හේතුවෙන් රුපියල් මිලියන 39ක පොදු දේපල විනාශයට පත්වුනා. මෙම විනාශකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හය දෙනෙකු ලබන හතර වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඔවුන් හදුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි. සැකකරුවන් විසිඑක්දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා. සෙසු විසිතුන් දෙනා රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රී 12ට බස්නාහිර පළාත සඳහා පැනවූ පොලිස් ඇදිරිනීතිය අද පෙරවරු හයට අවසන් කෙරුණා. විශේෂ රාජකාරී කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ඉඩ සලසා දුන්නා.

 

The post මිරිහාන සිද්ධියට සම්බන්ධ 06ක් රිමාන්ඩ් – ඔවුන් හදුනා ගැනීමේ පෙරෙට්ටුවකට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG