Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කීයෙව් කලාපයේ පාලනය යළි යුක්රේන හමුදා යටතට  

Add comments

යුක්රේනයේ කීයෙව් කලාපයේ පාලනය යළි අත්පත් කරගෙන ඇති බව යුක්රේන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගන්නා මලියර් පවසනවා.

ඉර්පින්/ බුචා / ගොෆ්ටොමෙල් සහ කීයෙව් යන ප්‍රදේශ නැවතත් සිය පාලනය යටතට අත්පත් කරගැනීමට හැකිවූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ. කීයෙව් පළාතේ වයඹ දෙසින් මෙම නගර පිහිටා ඇති අතර පසුගිය පෙබරවාරී මාසයේදී රුසියා යුක්රේන අර්බුදය ආරම්භවීමත් සමඟ රුසියාවේ පාලනයට යටත්ව තිබුණා. ඒ හේතුවෙන් එම නගරවල විශාල විනාශයක් ද දක්නට ඇති බවයි නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ. මෙම සතියේදී රුසියාව ප්‍රදේශ රැසකින් පසුබැසීම හේතුවෙන් නගර සහ ගම්මාන 30 කට වැඩි ප්‍රමාණයක් නැවතත් යුක්රේනය සතු කරගැනීමට හැකිවූ බව යුක්රේන බලධාරින් සඳහන් කරනවා.

 

 

The post කීයෙව් කලාපයේ පාලනය යළි යුක්රේන හමුදා යටතට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG