Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පළාත් කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි  

Add comments

දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වය තව දුරටත් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර, ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100වැඩි තද වැසි ඇතිවිය හැකියි. සෙසු ප්‍රදේශවලද, ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකියි.

දකුණු පළාතේදී සුළගේ වේගය විටින් විට පැ.කි.මී (40-45) දක්වා වැඩි විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (10) දහවල් 12:11 ට කොල්ලන්කුලම, මහඋස්වැව, හම්මිල්ලෑව, සීගිරිය, පොලොන්නරුව, වැලිකන්ද සහ වාකනේරි යන ප්‍රදේශ වලට හිරු මුදුන් වනු ඇත.

The post පළාත් කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG