ශ්‍රී ලංකාවේ ආර්ථිකය පවත්වාගෙන යාම සදහා ඉදිරි මාස හයක කාලය තුලදී ඇමෙරිකා ඩොලර් බිලියන 3ක මුදලක් අවශ්‍ය වන බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා. රොයිටර් පුවත් සේවය සමග පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව කියා සිටියේ.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නියෝජිතයන් පිරිසක් ලබන 18 වනදා ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව යාමට නියමිතයි.
ඉදිරි මාස 6ක කාලය තුලදී මෙරටට අවශ්‍යවන ඉන්ධන / ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට විදෙස් රටවලින් සහ ආයතනවලින් ඇමෙරිකා ඩොලර් බිලියන 03 ක පමණ උපකාර අවශ්‍ය වන බව මුදල් අමාත්‍යවරයා සදහන් කර තිබෙනවා. මෙය ඉතා බැරෑරුම් කාර්යයක් බවයි ඔහු සදහන් කර ඇත්තේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට මේ මාසය තුලදී අවශ්‍ය විධිවිධාන ගන්නා බවද අලි සබ්රි මහතා පැවසුවා. ජාත්‍යන්තර ස්වෙයිරී බැදුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට ද ශ්‍රීලංකාව සූදානමින් සිටිනවා.
එසේම විදෙස් ණය ගෙවීම සදහා ඇති කාලය දීර්ඝ කර ගැනීම ඇතුළු පියවර ගණනාවක් මේ වන විටත් යෝජනා වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ලබන ජූනි මාසයේදී ඇමෙරිකා ඩොලර් බිලියනක මුදලක් බැදුම්කර හිමියන්ට ගෙවීමට සිදුවන අතර ඒ සම්බන්ධයෙන් එකගතාවන් ඇතිකර ගැනීමට රජය කටයුතු කරනවා. ණය නොගෙවා සිටින තත්ත්වයකට රටපත් නොකිරීම රජයේ ඉලක්කය බව අමාත්‍ය අලි සබ්රි මහතා සදහන් කළා. එලෙස ණය ගෙවීම පැහැර හැරිය හොත් ඇතිවිය හැකි අවධානම පිළිබද තමන් හොදින් අවබෝධකරගෙන ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
ජේ පී මෝගන් සමාගම පෙන්වා දී ඇති ආකාරයට ශ්‍රී ලංකාවේ දළ විදෙස් ණයප්රමාණය මේ වසරේදී ඇමෙරිකා ඩොලර් බිලියන 7 කට ආසන්න වනවා. ජංගම ගිණුමේ ශේෂය ඇමෙරිකා ඩොලර් බිලියන 3කට ආසන්නයි. ගෙවීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර ප්‍රමාණය ද ඇමෙරිකා ඩොලර් බිලියන 12.55ක් වනවා. මාර්තු මාසය අවසන් වන විට මෙරට විදේශ සංචිත ප්‍රමාණය පැවතියේ ඇමෙරිකා ඩොලර් බිලියන 1.93ක මට්ටමේයි.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සදහා මේමස 18 වනදා ඇමෙරිකාවේ වොෂින්ටන් නගරයට ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමක් පිටත්ව යාමට නියමිතයි. මූල්‍ය සහ නීති උපදේශකවරුන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම ඉදිරි දින වලදී පත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම සාකච්ඡා දින 5ක් පැවැත්වෙනවා. මුදල් අමාත්‍ය අලි සබ්රි / මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් කේ එම් එම් සිරිවර්ධන යන මහත්වරුද එම සාකච්ඡාවලට එක්වනු ඇති. ආසියා සංවර්ධන බැංකුව ලෝක බැංකුව/ චීනය ඇමෙරිකා එක්සත් ජනපදය / බ්‍රිතාන්‍ය සහ මැදපෙරදිග රටවල් සමගද සහයෝගීතා ඇතිකර ගනිමින් ආර්ථික ගැටලුව විසදීමට ශ්‍රී ලංකා රජය සූදානමින් සිටිනවා.
The post ඉදිරි මාස 6ට ඩොලර් බිලියන 3ක් අවශ්‍යයි appeared first on ITN News.
Post a Comment