Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉම්රාන් ඛාන්ට අගමැති ධුරය අහිමි වෙයි  

Add comments

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට සිය ධුරයෙන් ඉවත්වීමට සිදුව තිබෙනවා. ඒ ඔහුට එරෙහිව එල්ල වූ විශ්වාසභංගය පරාජයවීමත් සමඟයි.

පාකිස්තාන දේශපාලන ඉතිහාසය තුළ විශ්වාසභංග යෝජනාවක් පරාජයට පත්වී සිය ධුරය අහිමිවූ පළමු පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වන්නේ ඉම්රාන් ඛාන්. විශ්වාසභංග යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේ ඉම්රාන් ඛාන්ට එරෙහිව ඡන්ද 174 ක් ලැබී තිබෙනවා. පාකිස්තාන විපක්ෂය ඉම්රාන් කාන්ට එරෙහිව විශ්වාස භංග යෝජනාව ගෙනාවේ පසුගිය සතියේයි. එම විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකෙරුණු අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටයි ඉම්රාන් ඛාන් ක්‍රියා කළේ. විපක්ෂය මෙම තීරණවලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමත් සමඟයි ඉම්රාන් ඛාන්ට සිය ධුරය අහිමිවුණේ. පාකිස්තාන නව අග්‍රාමාත්‍යවරයා හෙට දිනයේ පත්කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

 

 

 

 

 

The post ඉම්රාන් ඛාන්ට අගමැති ධුරය අහිමි වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG