දකුණු අප්‍රිකාවට බලපා ඇති ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 450කට ආසන්න වන බව එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
දකුණු අප්‍රිකාවට බලපා ඇති අයහපත් කාලගුණයත් සමඟ හටගත් ගංවතුර හා නායයාම් හේතුවෙන් පුද්ගලයින් 443 දෙනෙකුට මේ වන විට ජීවිත අහිමි වී තිබෙනවා. කෙසේ වුවද මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි සහන කණ්ඩායම් අනතුරු අඟවන්නේ. අතුරුදන් වූ පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ. සුන්බුන් අතර සිරව සිටින පිරිස් සොයා ගැනීම සඳහා පොලිස් සුනඛයින්ද යොදවා තිබෙනවා. දහස් ගණනක පිරිසක් අවතැන්ව සිටින අතර විදුලිබලය හා පානීය ජලය නොමැතිකම හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවද සඳහන්. ගංවතුර හා නායයාම් හේතුවෙන් සිදුව ඇති අලාභය ඇමෙරිකා ඩොලර් මිලියන හයසිය අසූ පහකට ආසන්න වන බවයි වාර්තා වන්නේ.
The post ගංවතුර හේතුවෙන් දකුණු අප්‍රිකාවේ 443 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment