Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව පුරා දෛනික කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව යළිත් වරක් ඉහළට  

Add comments

ලොව පුරා රටවලින් දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.

ගතවූ පැය 24 ට පමණක් රටවල් 225 කින් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 12 කට අධිකයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 3,482 ක්. ඊයේ දිනයට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ දකුණු කොරියාවෙන්. එම සංඛ්‍යාව 265,000 කට අධිකයි. එමෙන්ම ප්‍රංශයෙන් දෙලක්ෂ තුන්දහසක් , ජර්මනියෙන් 187,000 ක් ,ඉතාලියෙන් 88,000 ක් හා ඕස්ට්‍රේලියාවෙන් 58,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඊයේ දිනයට වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 466 සිදුව ඇත්තේ ඇමෙරිකාවෙන්. ඒ සමඟම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටඑක් ලක්ෂ අසූතුන් දහස ඉක්මවා ගියා. ලොව පුරා රටවලින් හමුව ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හතලිස් නව කෝටි හතලිස් එක්ලක්ෂයකට අධික බවයි වාර්තා වන්නේ.

 

 

 

The post ලොව පුරා දෛනික කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව යළිත් වරක් ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG