Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මියගිය රුසියා සෙබලුන් ගැන යුක්රේනයෙන් නිවේදනයක්  

Add comments

යුක්රේනයේ යුද මෙහෙයුම්වලට සහභාගී වූ රුසියා හමුදා සෙබලුන් දහඅටදහස් පන්සියයක් ඝාතනය කළ බව යුක්රේන ආරක්ෂක අංශ නිවේදනය කරනවා.

ෆේස් බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමිනුයි යුක්රේන ආරක්ෂක අංශ මේ බව සදහන් කරන්නේ. පෙබරවාරි 24 වනදා සිට මේ දක්වා යුද ටැංකි 676 ක් සන්නද්ධ රථ එක්දහස් අටසිය පනස් අටක්, ගුවන් යානා 150 ක් හෙලිකොප්ටර් 134 ක් විනාශ කළ බවද ඔවුන් සදහන් කරනවා. තවද ඇමෙරිකා බුද්ධි අංශ සදහන් කරන්නේ රුසියා සෙබලුන් නවදහස් අටසිය හැට එක් දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

කෙසේ වුවද මෙම සංඛ්‍යාලේඛන කිසිවක් ස්වාධීනව තහවුරු කර නැහැ. මේ අතර රුසියා ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරන්නේ රුසියා සෙබලුන් එක්දහස් තුන්සිය පනස් එක් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තුන්දහස්අටසිය විසි පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

 

 

The post මියගිය රුසියා සෙබලුන් ගැන යුක්රේනයෙන් නිවේදනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG