Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනය අවංකවම යුක්රේනයේ සාමය අපේක්ෂා කරන බව චීන විදේශ ඇමති කියයි  

Add comments

චීනය අවංකවම යුක්රේනයේ සාමය අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා පවසයි.සටන් වි‍රාමයක් දක්වා යුක්රේනය හා රුසියාව සාම සාකච්ඡාවල එල්බ සිටිනු ඇති බවට අපේක්ෂා කරන බව ද හෙතෙම කියා සිටී.යුක්රේන විදේශ ඇමතිවරයා සමග දුරකථන සාකච්ඡාවක නිරත වූ අවස්ථාවේ දී චීන විදේශ ඇමතිවරයා මේ බව පැවසීය.

යුක්රේනයේ තත්ත්වය එරට විදේශ ඇමතිවරයා විසින් චීන විදේශ ඇමතිවරයාට පැහැදිලි කරන ලදි.චීනය සාමය සුරැකීමට සක්‍රීය කාර්යභාරයක් ඉටු කරන විශිෂ්ට රටක් බව හෙතෙම එහිදී පැවසීය. චීනය සමඟ සන්නිවේදනය පවත්වා ගැනීමට යුක්රේනය අපේක්ෂා කරන බවත්, තම රට තුළ සටන් විරාමයක් ඇති කර ගැනීම සඳහා චීනය තවදුරටත් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් යුක්රේන විදේශ ඇමතිවරයා පැවසීය.

චීන පුරවැසියන් යුක්රේනයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට සහාය වීමට යුක්රේන රජය සහ සමාජයේ සියලුම අංශවල ප්‍රයත්නයන් අගය කළ චීන විදේශ ඇමතිවරයා, චීන නායකයින් සහ චීන රජය සෑම එතෙර චීන පුරවැසියෙකුගේම ආරක්ෂාව ඉතා ඉහළින් සලකන බව අවධාරණය කළේය.

යුක්රේන ප්‍රශ්නය සම්බන්ධයෙන් සාමය හා සංවාදය මත ක්‍රියා කිරීමේ චීනයේ ස්ථාවරය සඳහන් කළ වීන විදේශ ඇමතිවරයා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා චීනයේ ස්ථාවරය අවස්ථා කිහිපයකදී පුළුල් ලෙස ප්‍රකාශ කර ඇති බවත් එය වර්තමාන අභියෝගවලට මුහුණ දීම සඳහා වැදගත් මග පෙන්වීමක් බවත් සඳහන් කළේ ය.

The post චීනය අවංකවම යුක්රේනයේ සාමය අපේක්ෂා කරන බව චීන විදේශ ඇමති කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG