XE නව කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ රෝගියෙකු පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගෙන තිබෙනවා.
ඉන්දියාවේ මොම්බායි නගරයෙන් ඊයේ හඳුනාගත් මෙම රෝගියා වයස අවුරුදු 50 ක් වන කාන්තාවක්. ඇය එන්නත් සියල්ල ලබා ගෙන ඇති අයෙක් ද වනවා. ඇය දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමෙන් අනතුරුව පසුගිය පෙබරවාරි මාසයේ ඉන්දියාවට පැමිණි අයෙකු බවයි මේ වන විට හඳුනාගෙන ඇත්තේ. එක්ස් ඊ නව කොරෝනා ප්‍රභේදය පළමුවරට සොයා ගැනුණේ එංගලන්තයෙන්. ඔමික්‍රෝන් B.A.1 සහ B.A.2 යන ප්‍රභේද දෙකෙහි එකතුවක් ලෙස XE නව කොරෝනා ප්‍රභේදය හැඳින්විය හැකියි. ඔමික්‍රෝන් ප්‍රභේදයට වඩා 10% කින් පැතිරීමේ වේගය ද වැඩි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.
The post XE නව කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ රෝගියෙකු පළමුවරට ඉන්දියාවෙන් හඳුනා ගැනේ appeared first on ITN News.
Post a Comment