Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුද්ධ සහ සම්බාධක වලින් ඇමරිකාව විශාල මුදලක් උපයා ඇති බව චීන විදේශ අමාත්‍යංශය කියයි  

Add comments

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා ඊයේ (6) පැවති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ, යුද්ධ සහ සම්බාධක හේතුවෙන් සරණාගතයන්, ප්‍රාග්ධනය පිටතට ගලායාම සහ බලශක්ති හිඟයන්ට යුරෝපය‍ මුහුණ දී සිටින බවයි. එහෙත් යුද්ධ සහ සම්බාධක ඇමරිකාව මුදල් උපයන ක්‍රමයක් බවට පත්ව තිබේ.

චීන මහජන විශ්ව විද්‍යාලයේ Chongyang මූල්‍ය පර්යේෂණ ආයතනය මෑතකදී පළ කළ වාර්තාවට අනුව 2014 වසරේ සිට ගතවූ වසර 8ක් තුළ ඇමරිකාව ප්‍රමුඛ රටවල් විසින් රුසියාවට සම්බාධක 8,068 ක් පනවා තිබේ. ඒ අනුව රුසියාව ඉරානය අභිබවා, ලෝකයේ වැඩිම සම්බාධක පනවා ඇති රට බවට පත්ව ඇත.

ඇමරිකාව රුසියාවට එරෙහි සම්බාධක දැඩි කිරීම ගැටලුව විසඳීමට උපකාරී නොවන අතර මෙය රුසියාව, යුරෝපය සහ ලෝකයට පවා බරපතල ඍණාත්මක බලපෑමක් ඇති කර තිබේ. එය ගෝලීය උද්ධමනය, සැපයුම් දාම කම්පනය හා ආර්ථික ප්‍රකෘතිය මන්දගාමීවීමට හේතුවනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කළේ ය.

The post යුද්ධ සහ සම්බාධක වලින් ඇමරිකාව විශාල මුදලක් උපයා ඇති බව චීන විදේශ අමාත්‍යංශය කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG