Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කියෙව් අගනුවරින් රුසියා හමුදා ඉවත් වෙයි  

Add comments

යුක්රේනයේ කියෙව් අගනුවර අවට ප්‍රදේශවලින් හා චර්නහිව් නගරවලින් රුසියා හමුදා ඉවත් වී ඇති බව ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

පෙන්ටගනයේ මාධ්‍ය ප්‍රකාශක ජෝන් කිර්බි සදහන් කළේ රුසියාව පාලනය යටතේ දැනටමත් ඇත්තේ නගර කිහිපයක් පමණක් බවයි. රුසියා හමුදාවට යුක්රේනයේ කර්කිව් නගරය අත්පත් කර ගැනීමට මෙතෙක් හැකි වී නැති බව ද එහිදී සදහන් කළා. රුසියා හමුදාවේ 24,000 කට වැඩි පිරිසක් කියෙව් නගරය ආසන්න ප්‍රදේශයෙන් ඉවත් වී ඇති බව සදහන්. එමෙන්ම රුසියා හමුදාවේ බලඇණි 130 ක් පමණ පසුගිය කාලයේදී යුක්රේනයට  එරෙහිව සටන් වැදීම සදහා පැමිණ සිටියා. කෙසේ වෙතත් මේ වන විට යුක්රේනයේ රැදී සිටින්නේ බලඇණි 80 ක් බවයි ඇමෙරිකා බලධාරීන් සදහන් කරන්නේ.

 

 

The post කියෙව් අගනුවරින් රුසියා හමුදා ඉවත් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG