Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාධ්‍යවේදියකු ලෙස පෙනී සිටි මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට  

Add comments

මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදියෙකු ලෙස හැගවු මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පොලීසිය අත්අඩංගුවට ගත්තා.

ඉන්දීය ජාතිකයකු වන මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සංවිධානයක මාධ්‍යවේදියකු ලෙස පෙනී සිටිමින් දීර්ඝ කාලයක් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර තිබෙනවා. ඔහු ලග තිබී රුපියල් එක්කෝටි දස ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ද පොලීසිය අත්අ ඩංගුවට ගත්තා. ඉන්දියාවෙන් නොයෙකුත් මත්ද්‍රව්‍ය රැගෙන විත් කොළඹ පුරා බෙදාහැරීමේ ජාවාරමක ඔහු නිරතව තිබෙනවා. මනව හිමිකම් සංවිධානයක සහ මාධ්‍ය හැදුනුම්පතක් උපයෝගී කරගනිමිනුයි ඔහු මෙම ජාවාරමේ නිරතව ඇත්තේ. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය  අතර හසීස් කිලෝග්‍රෑම් 8 යි ග්‍රෑම් 583 ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500 ක් ද වනවා.  කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශනයට ලද තොරතුරකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

මේ අතර රැදවුම් නියෝග මත අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගෙන් ලද තොරතුරුකට අනුව කඩවත පොල්හේන ප්‍රදේශයේ නිවසක තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 710 ක් සොයා ගැනුනා. සැකකරු වයස අවුරුදු 24 ක පුද්ගලයෙකු වන අතර ඔහු කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්  හෙරොයින්  ග්‍රෑම් 8 යි මිලිග්‍රෑම් 110 ක් සමග තවත් සැකකරුවකු ග්‍රෑන්ඩ් පාස් පොලීසිය අත්අඩංගුවට ගත්තා.

 

The post මාධ්‍යවේදියකු ලෙස පෙනී සිටි මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG