Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්තාන අගමැති ඉම්රාන්ගේ ඉරණම් තීන්දුව අද  

Add comments

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව විශ්වාසභංගය ඉවතට දැමීම හා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එරට පාර්ලිමේන්තුව විසිරුවා හැරීම පිළිබඳ තීරණාත්මක නඩු විභාගය අද පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට ගැනීමට නියමිතයි.

අද දිනයේදී කෙසේ හෝ මෙම නඩු තීන්දුව ලබාදීමට කටයුතු කරන බවයි පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරන්නේ. හිටපු ක්‍රිකට් තරුවක් වන ඉම්රාන් ඛාන්ට පසුගියදා එරට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වූණා. ඉන් අනතුරුව එරට විපක්ෂය විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කළා. එම විශ්වාසභංග යෝජනාව විදේශ කුමන්ත්‍රණයක කොටසක් බවත් ව්‍යවස්ථා විරෝධී බවත් තීන්දු කරමින් නියෝජ්‍ය කතානායකවරයා යෝජනාව ඉවත් කළා. විචාරකයින් සඳහන් කරන්නේ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විශ්විසභංග යෝජනාවකට මුහුණ දෙනවාට වඩා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් කර ඇත්තේ එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවයි. ඒ සඳහා සාධාරණ නියෝගයක් ලබා දෙන්නැයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කරනවා.

 

The post පාකිස්තාන අගමැති ඉම්රාන්ගේ ඉරණම් තීන්දුව අද appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG