Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බහුපාර්ශ්වික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජිකයින්  

Add comments

බහුපාර්ශ්වික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජිකයින් ලෙස මුල්‍ය සහ ආර්ථික විශේෂඥතාව පිළිබඳ කීර්තිමත් කණ්ඩායමක් පත් කර තිබෙනවා.

ජනාධිපතිතුමා පත් කළ එම කණ්ඩායමට සාමාජික සාමාජිකාවන් තුන් දෙනෙකු ඇතුළත්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත් කර ඇති මෙම කණ්ඩායමේ සාමාජිකයින් වන්නේ මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ශාන්තා දේවරාජන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අප්‍රිකානු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ශාර්මිනී කුරේ යන මහත්ම මහත්මීන්. එම කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට ගෙන යාම හා අදාළ අවශ්‍යතා වෙනුවෙන් නිරන්තර සන්නිවේදන කටයුතු පවත්වා ගැනීම ඇතුළු ප්‍රධාන කරුණු සාකච්ඡාවට ලක් කුළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සම්බන්ධ වී සිටින ශ්‍රී ලාංකික ආයතන හා නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීම වර්තමාන ණය අර්බුදයට පිළියම් යෙදීමට සහ තිරසර ලෙස ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත් කිරීමට අවශ්‍ය මගපෙන්වීම ලබාදීම ජනාධිපති උපදේශක කණ්ඩායම වෙත පැවරී ඇති වගකීමයි.

 

The post බහුපාර්ශ්වික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජිකයින් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG