Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් ස්වාධීන වෙයි  

Add comments

ආණ්ඩු පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතලිස් දෙදෙනෙකු ස්වාධීනව කටයුතු කරන බව පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,  ජාතික නිදහස් පෙරමුණ සහ ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් පිරිසකුයි ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබෙන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු ස්වාධීනව කටයුතු කරන බව පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. ඒ අනුව අනුර ප්‍රියදර්ශන යාපා,  ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න,  සුසිල් ප්‍රේමජයන්ත්,  චන්දිම වීරක්කොඩි,  නලීන් ප්‍රනාන්දු,  නිමල් ලාන්සා,  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ,  පියංකර ජයරත්න,  රොෂාන් රණසිංහ සහ ජයරත්න හේරත් යන මන්ත්‍රීවරුන් ස්වාධීනව කටයුතු කරනු ඇති.

මේ අතර අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙම මන්ත්‍රීවරුන්ගේ  නම් ප්‍රකාශ කරන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතාගේ නම ද සදහන් කළා. පසුව අරුන්දි ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන් ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස ක්‍රියා නොකරන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජිනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනෙකු ස්වාධීනව කටයුතු කරන බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ස්වාධීනව කටයුතු කරන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වන්නේ  මෛත්‍රීපාල සිරිසේන, නිමල්  සිරිපාල ද සිල්වා,  මහින්ද අමරවීර,  දයාසිරි ජයසේකර,  දුමින්ද දිසානායක,  ලසන්ත අලිගවන්න, රංජිත් සියඹලාපිටිය , ජගත් පුෂ්පකුමාර,  ශාන්විජයලාල් ද සිල්වා,  ශාන්ත බණ්ඩාර, දුෂ්මන්ත මිත්‍රපාල,  සුරේස් රාඝවන්, අංගජන් රාමනාදන් සහ චාමර සම්පත් දසනායකයි.

විමල් වීරවංශ මහතා ඇතුලු පක්ෂ 10 ක මන්ත්‍රීවරුන් 16 දෙනෙකු ද ස්වාධීනව කටයුතු කරනවා. විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර,  උදය ගම්මන්පිල,  තිස්ස විතාරණ,  ටිරාන් අලස්, පූජ්‍ය අතුරලියේ රතන හිමි,  ගෙවිදු කුමාරතුංග,  වීරසුමන වීරසිංහ,  අසංක නවරත්න, මොහොමඩ් මුසාමිල්,  නිමල් පියතිස්ස, ගාමිණී වලේබොඩ, ඒ.එල්.එම් අතාවුල්ලා, ජයන්ත සමරවීර සහ උද්දික ප්‍රේමරත්න යන මන්ත්‍රීවරුනුයි ස්වාධීනව කටයුතු කරන්නේ.

මේ අතර මෙම මන්ත්‍රීවරුන් ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ ගයාෂාන් නවනන්ද මහතාගේ නම  ප්‍රකාශ වුවද ඒ මහතා ද පසුව කියා සිටියේ ස්වාධීනව කටයුතු කරන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ තමා බවයි.

ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොණ්ඩමන් හා එම් රමේෂ්වරන් යන මන්ත්‍රීවරුන් ද පාර්ලිමේන්තුවේ ස්වාධීනය කටයුතු කරනවා.

මේ අතර විජේදාස රාජපක්ෂ මහතා ද ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

 

 

The post ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් ස්වාධීන වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG