Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවෙන් නව කොරොනා වෛරස නියුමෝනියාවට සාර්ථකව ප්‍රතිකාර කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි  

Add comments

චීනයේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවෙන් නව කොරොනා වෛරස නියුමෝනියාවට ප්‍රතිකාර කිරීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධාන විශේෂඥ ඇගයීම් රැස්වීමේ වාර්තාව පසුගියදා නිකුත් විය.
නව කොරොනා වෛරස නියුමෝනියාවට චීන වෛද්‍ය විද්‍යාව මගින් ඵලදායි ලෙස ප්‍රතිකාර කරනු ලබන අතර, සාමාන්‍ය රෝගීන් දරුණු අවදානම් අවස්ථාවන්ට පත්වීම අඩු කළ හැකි බව එම වාර්තාව පෙන්වාදෙයි.

සාමාන්‍ය අවස්ථා සඳහා වන සරල ප්‍රතිකාර හා සසඳන විට, අතිරේක මැදිහත්වීමක් ලෙස සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාව මඟින් වෛරස විනාශ කිරීමේ කාලය, සායනික රෝග ලක්ෂණ සහන කාලය සහ
රෝහල්ගතව සිටින කාලය කෙටි කළ හැකිය. වාර්තාව යෝජනා කරන්නේ සාමාජික රටවල් තම සෞඛ්‍ය පද්ධතිය සහ නියාමන රාමුව තුළ නව කොරොනා වෛරස නියුමෝනියාව පිළිබඳ සායනික
කළමනාකාරීත්වය සැලසුම් කිරීමේදී ඊට අදාළ සැලසුම් ඇතුළත් කළ යුතු බවයි. ජාත්‍යන්තර සායනික අත්හදා බැලීම් ප්‍රවර්ධනය සඳහා චීනයේ සාම්ප්‍රදායික සහ බටහිර වෛද්‍ය ඒකාබද්ධ ක්‍රමය භාවිත කිරීම සලකා බලන ලෙස ද, වාර්තාව සාමාජික රටවල් දිරිමත් කරයි.

The post චීන සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවෙන් නව කොරොනා වෛරස නියුමෝනියාවට සාර්ථකව ප්‍රතිකාර කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG