පාරිභෝගිකයින්ට ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
මෝටර් රථ, වෑන්, ජීප් සදහා පෙට්‍රල් සහ ඩීසල් යන ඉන්ධන දෙවර්ගයම නිකුත් කිරීම සීමා කිරීමටයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙන්නේ.ඒ අනුව එම වාහන සදහා ඉන්ධන නිකුත් කරන්නේ රුපියල් පන්දහසක් දක්වා පමණි.
යතුරු පැදි සදහා ඉන්ධන නිකුත් කිරීම රුපියල් දහසකට සීමා කර ඇති අතර ත්‍රී රෝද රථ සදහා රුපියල් එක්දහස් පන්සියයක සීමාවක් පනවා තිබේ.
බස් රථ, ලොරි රථ සහ වානිජ කටයුතු සදහා යොදා ගැනෙන ට්‍රැක්ටර් ඇතුළු වාහන සදහා මෙම සීමාව අයත් නොවන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ. මෙම සීමාව අද දහවල් එකේ සිට ක්‍රියාත්මකයි. මේ අතර බූලි සහ බැරල් වෙත ඉන්ධන නිකුත් කිරීම ද සීමා කර තිබෙනවා.
ඒ අනුව අවසර ලබාදී ඇති පාර්ශ්ව වෙත පමණක් ඉන්ධන ලබාදීමට කටයුතු කරන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ. ඉන්ධන හිගයක් නිර්මාණය වීම වැළැක්වීම සහ විවිධ ජා වාරම් සිදුකිරීම පිළිබද අවධානය යොමු කරමින් මෙම පියවර ගත් බවයි එහි සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කරන්නේ.
යම් කර්මාන්ත ශාලාවකට බූලි සහ බැරල් වෙත ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය නම් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඊට අවසර ලබාගත යුතු වනවා.
කෘෂිකර්මාන්තයට අදාළ කටයුතු වෙනුවෙන් ඉන්ධන ලබාගැනීමේ අවසරය ගොවිජන සේවා නිලධාරීන්ගෙන් ලබාගත යුතුයි. මේ අතර ඉන්ධන තොග රැස්කරමින් සහ ඒවා වැඩිමිලට අලෙවි කළ පුද්ගලයින් සොයා අද දිනයේත් මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. පුද්ගලයින් රැසක් මෙහිදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.
මේ අතර හෙට සහ අනිද්දා පැය දෙකයි විනාඩි 15 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.
The post ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ – කෑන්වලට තෙල් අවසර පත්‍රයකට පමණයි appeared first on ITN News.
Post a Comment