ඇමරිකා එක්සත් ජනපදයේ බෆලෝ හි සිදුවූ සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයන් දස දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.
හමුදා ඇදුමින් සැරසුණු වයස අවුරුදු 18 ක පමණ පුද්ගලයෙකු මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔහු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්වී තිබෙනවා.
මෙම වෙඩිතැබීමට පසුබිම්වූ හේතුව පිළිබඳ සොයා බැලීමට විමර්ශන ආරම්භ කර ඇති බවයි ඇමරිකා ආරක්ෂක අංශ සඳහන් කරන්නේ. වෙඩිතැබිම සිදුකළ තරුණයා අද පෙරවරුවේ සුපිරි වෙළෙද සැලකට කඩාවැදී ඇති අතර එහි සිටි ජනතාවට ඉවක්බවක් නොමැතිව වෙඩිතැබීම සිදුකර තිබුණා. මෙම ප්‍රහාරය අන්තර්ජාලය ඔස්සේ සජීවීව ප්‍රචාරය කිරීමට ද ඔහු කටයුතු කර තිබීම විශේෂත්වයක්. දුරබැහැර ප්‍රදේශයක සිට පැමිණ සැකකරු ප්‍රහාරය එල්ල කර ඇති බවයි මූලිකවිමර්ශනවලදි හෙළිවී ඇත්තේ. කළු ජාතිකයන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශයක සුපිරි වෙළෙද සැලකට මෙම ප්‍රහාරය එල්ල වුණා. ප්‍රහාරයෙන් විපතට පත්වූ බහුතරය ද කළු ජාතිකයන් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. පුද්ගලයන් තුන්දෙනෙකුට තුවාල සිදුව ඇති අතර ජීවිත අවදානමක් නොමැති බවයි වාර්තා වන්නේ.
The post ඇමරිකාවේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment