තලෙයිබාන් පාලනය ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථනයේ පාලනය අත්පත් කරගැනීමට පෙර එරට කාන්තාවන් කාබුල් අගනුවර ඇතුළු රටේ ප්‍රධාන නගරවල රිය පැදවීම දැකගත හැකි වුණා. කෙසේ වුවද මේ වන විට තලෙයිබාන් පාලනය විසින් කාන්තාවන්ට රියදුරු බල පත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය අගෝස්තු මාසයේ දී ඇෆ්ගන් ආණ්ඩුව බිඳ වැටීමත් සමඟ එහි පාලනය තලෙයිබාන් සංවිධානයට නතු වීමත් සමඟ මානව හිමිකම් උල්ලංඝණය වීම් ඉතා අයහපත් තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ වන විට ඇෆ්ගනිස්ථානයේ සටන් අවසන් වී තිබුණද විශේෂයෙන්ම ඇෆ්ගන් කාන්තාවන්ට එරෙහිව බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝණය වන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. මෑත කාලයේ දී 6 ශ්‍රේණියෙන් ඉහළ ගැහැණු දරුවන්ට පාසල් යෑම තහනම් කිරීමත් සමඟ ලොව පුරා මෙම තීරණය දැඩි ලෙස විවේචනයටද ලක්වුණා. කෙසේ වුවද තලෙයිබාන් සංවිධානය සඳහන් කලේ පවතින ගුරු හිඟය හේතුවෙන් එම ක්‍රියා මාර්ගය ගත් අතර එය යථා තත්වයට පත් කිරීමට පියවර ගන්නා බවයි. ඇෆ්ගනිස්ථානයේ දැඩි ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල උග්‍ර හිඟයක් මේ වනවිට පවතිනවා.
The post තලෙයිබාන් පාලනය ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තහනම් කරයි appeared first on ITN News.
Post a Comment