ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් හමු වී ඇත්තේ ජර්මනියෙන්.
ඊයේ දිනයේ ජර්මනියෙන් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ හැට හය දහස් නවසිය හැටක්. වාර්තා වූ මරණ සංඛ්‍යාව 222 ක් බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.
ගෙවී ගිය පැය 24 තුළ කොරෝනා මරණ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූයේ ඇමෙරිකාවෙන්. එම සංඛ්‍යාව 305 ක්.
පසුගිය පැය 24 ට ලොව පුරා වාර්තා වූ ආසාදියින් සංඛ්‍යාව හය ලක්ෂ හාරදහස් හයසිය හැට දෙකක් පමණ වනවා. මරණ 1960 ක් සිදුව තිබෙනවා. ඒ අනුව ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පනස් එක් කෝටි පනස් තුන් ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. ලොව පුරා සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව හැට දෙලක්ෂය ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
The post ඊයේ දිනයේදී වැඩිම කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව ජර්මනියෙන් appeared first on ITN News.
Post a Comment