Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝක සෞඛ්‍යයේ කොරෝනා මරණ වාර්තාව ගැන ප්‍රශ්න කරන්න ඉන්දියාවත් පාකිස්ථානයත් එකඟතාවක  

Add comments

ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා කොරෝනා මරණ පිළිබඳව නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පාකිස්ථානය ද ඉන්දියාව සමඟ එක් වී තිබෙනවා.

පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව පුරා සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව පිළිබඳවා වාර්තාවක් ඉදිරිපත් කළා. එම වාර්තාවට අනුව කොරෝනා වසංගතයෙන් ලෝකයේ සැබැ ලෙස ම මිය ගොස් ඇති සංඛ්‍යාව මිලියන 14.9 ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළා.

විවිධ රටවල සිදු වු ඇති කොරෝනා මරණ සංඛ්‍යාව ද වෙන වෙනම ඔවුන් පෙන්වා දී තිබෙනවා. ඒ අනුව පාකිස්ථානයේ කොරෝනා මරණ 260,000ක් සිදුව ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාවට වඩා එය 8 ගුණයක් වැඩි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.

කෙසේවෙතත් පාකිස්ථාන රජය එම වාර්තාව ප්‍රතික්ෂේප කර ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත රැස්කිරීමේ ක්‍රමවේදයේ ප්‍රශ්නයක් ඇති බවටද  චෝදනා කරනවා. දැනට පාකිස්ථානයේ වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 30,369ක්.

ඉන්දියාව සම්බන්ධයෙන් ද මෙම වාර්තාව ඉදිරිපත් කර ඇති දත්ත අසත්‍ය බව පසුගිය දා පැවසු අතර පාකිස්ථානය ද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රශ්න කිරීම සඳහා එක්ව සිටින බවයි පාකිස්ථාන සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

 

The post ලෝක සෞඛ්‍යයේ කොරෝනා මරණ වාර්තාව ගැන ප්‍රශ්න කරන්න ඉන්දියාවත් පාකිස්ථානයත් එකඟතාවක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG