රඹුක්කන ප්‍රදේශයේ පැවති සාමකාමී විරෝධතාවයකට වෙඩිතැබීමට අණදුන් කෑගල්ල ප්‍රදේශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න ලබන 13 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය අද නියෝග කළා.
එම ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා CIDය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 28 වනදායි.
පසුගිය අප්‍රේල් 19 දා කෑගල්ල පොලිසියෙන් පැමිණි පොලිස් නිළධාරීන් කණ්ඩායමක් මෙම වෙඩිතැබීම සිදුකළ බවට ප්‍රකාශ වෙන අතර එම වෙඩි තැබීම නිසා 41 හැවිරිදි පුද්ගලයෙක් මරණයට පත්වූ අතර තවත් 29 දෙනෙකු මෙම සිද්ධියෙන් තුවාල ලැබුවා.
The post රඹුක්කන දී වෙඩිතැබීමට අණදුන් SSP කීර්තිරත්න යළිත් රිමාන්ඩ් appeared first on ITN News.
Post a Comment