ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 227 කින් කොරෝනා වයිරස ආසාදිතයින් හත්ලක්ෂ තිස්දහසකට අධික සංඛ්‍යාවක් හමුව තිබෙනවා.
සිදුව ඇති මරණ සංඛ්‍යාව එක්දහස් එකසිය දාහතක්.
ඊයේ දිනයේ දී වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ ඇමෙරිකාවෙන්. එම සංඛ්‍යාව 65,000 ට ආසන්නයි. ඒ සමගම එරට සමස්ත කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අටකෝටි හතලිස් තුන් ලක්ෂ පනස් දහස ඉක්මවා ගියා. එමෙන්ම ඊයේ දිනයේ ඇමෙරිකාවෙන් වාර්තා වූ කොරෝනා මරණ 107 ත් සමග එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දසලක්ෂ විසිහය දහස් අටසිය අනූනවය ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ගතවූ පැය විසිහතරේදී ඕස්ට්‍රේලියාවෙන් 42,000 ක් ජපානයෙන් 34,000 ක් හා ජර්මනියෙන් 29,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඒ සමගම ලොව සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව පනස් දෙකෝටි තිස් දෙලක්ෂය ඉක්මවා ගියා. සිදුව ඇති මරණ සංඛ්‍යාව හැට දෙලක්ෂ අනූදහස් හාරසිය පනස්තුන දක්වා ඉහළ ගියා.
The post ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් ඇමෙරිකාවෙන් appeared first on ITN News.
Post a Comment