Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මරියුපෝල් නගරයේ කර්මාන්ත ශාලාවක් තුළ සිරව සිටි සෙබලුන් ඉවත්කර ගැනීම ඇරඹෙයි  

Add comments

මරියුපෝල් නගරයේ වානේ කර්මාන්ත ශාලාව තුළ සිරව සිටි යුද සෙබලුන් ඉවත්කර ගැනීම ආරම්භ කළ බව යුක්රේන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරනවා.

රුසියා ප්‍රහාර හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් යුක්රේන යුද සෙබලුන් වානේ කර්මාන්ත ශාලා පරිශ්‍රය තුළ සිරව සිටියා. තුවාල ලැබූ යුද සෙබලුන් 53 දෙනෙකු ද එම ප්‍රදේශයෙන් ඉවත් කරගත් බවයි වාර්තා වන්නේ. මානුෂීය කොරිඩෝව හරහා මේ වනවිට සෙබලුන් 211 දෙනෙකු වෙනත් ප්‍රදේශයකට රැගෙන ගිය බව ද සඳහන්. කෙසේ වුවද තුවාල ලැබූ සෙබලුන් පමණක් ඉවත්කර ගැනීමටයි රුසියාව අවසර ලබාදී තිබුණේ.

මේ අතර යුක්රේන හමුදා භාරයේ සිටින රුසියා යුද සෙබලුන් තම සෙබලුන් සඳහා හුවමාරුකර ගැනීමට ද යුක්රේනය කැමැත්ත පළකර තිබෙනවා.

 

 

 

 

 

The post මරියුපෝල් නගරයේ කර්මාන්ත ශාලාවක් තුළ සිරව සිටි සෙබලුන් ඉවත්කර ගැනීම ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG