හෙට සිට දිවයිනේ සියලු පාසල් කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ලබන 23 වන දා ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පාසල් නිවාඩුව 19වන දා සිට ක්‍රියාත්මකයි.
රට තුළ පසුගිය දා ඇති වූ නොසන්සුන්කාරී තත්වය මත පැනවූ ඇදිරිනීතිය හේතුවෙන් පසුගිය සතියේ අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවූයේ නැහැ. එම තත්වය සාමාන්‍ය තත්වයට පත්වීමත් සමගයි හෙට සිට සුපුරුදු පරිදි පාසල් කටයුතු ආරම්භ වන්නේ.
මේ අතර ලබන 23 වන දා ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සදහා ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පූර්ණ දායකත්වය ලබා දෙන බව ද ගුරු සංගම් සදහන් කළා. මේ අතර දුම්රිය සහ බස් රථ ධාවනය ද හෙට සිට සාමාන්‍ය පරිදි සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.
The post හෙට සිට දිවයිනේ සියලු පාසල් කටයුතු සාමාන්‍ය පරිදි appeared first on ITN News.
Post a Comment