යුක්‍රේනයේ නැගෙනහිර ඩොන්බාස් ප්‍රදේශය රුසියා හමුදා සම්පූර්ණයෙන් විනාශ කර දමා ඇතැයි යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.
රුසියාව සිය යුධ මෙහෙයුම් නැගෙනහිර යුක්‍රේනය වෙත සීමා කිරීමත් සමඟ මෙම ප්‍රදේශවල දැඩි විනාශයක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඩොන්බාස් ප්‍රදේශය යුක්‍රේනයේ ප්‍රධානතම කාර්මික කලාපයක් බවට පත්ව තිබුණා. එහි ජීවත්වන ජනතාවගෙන් වැඩිම පිරිසක් රුසියානු බස කතාකරන්නන් වනවා. ඩොන්බාස් ප්‍රදේශයේ බලය ලබා ගැනීම රුසියාවට උපායමාර්ගික වශයෙන් වැදගත් වන බවයි විදෙස් විශ්ලේෂකයන් පවසන්නේ.
මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ සෙනෙට් මණ්ඩලය යුක්‍රේනයට ඇ.ඩො බිලියන 40ක ආධාර අනුමත කර තිබෙනවා. රුසියා ආක්‍රමණයෙන් පසු ඇමරිකාව යුක්‍රේනයට ලබා දෙන විශාලතම සහන පැකේජය මෙයයි.
The post රුසියා හමුදාව යුක්‍රේනයේ නැගෙනහිර ඩොන්බාස්ක් විනාශ කරලා – යුක්‍රේන් ජනපති කියයි appeared first on ITN News.
Post a Comment