වදුරු උණ රෝගය වැලදුනු පුද්ගලයන් 80 දෙනෙකු රටවල් 11කින් හඳුනාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
අප්‍රිකාවේ දී මුලින්ම හඳුනාගත් වදුරු උණ නැමැති වෛරස් රෝගය මේ වන විට යුරෝපයට ද පැතිර ගොස් තිබෙනවා. ප්‍රංශය බෙල්ජියම සහ ජර්මනියට අමතරව ඔස්ට්‍රියාව සහ තවත් යුරෝපා රටවල් කිහිපයක වදුරු උණ ආසාදනය වූ පුද්ගලයන් හදුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙය ඉතා දුර්බල රෝගයක් වන නමුත් මරණීය සංකූලතා ඇති නොවන බවයි වෛද්‍ය විශේෂඥයන් සදහන් කරනවා.
අධික උණ, මස් පිඩු වේදනාව, දද සහ කුෂ්ඨ ආදිය ඇති වීම රෝග ලක්ෂණ වශයෙන් දැක ගැනීමට ලැබෙන බවයි ඔවුන් පවසන්නේ. ස්පර්ෂය මගින් මෙන්ම දාඩිය සහ කෙල බිඳු මගින් ද වෛරසය පැතිර යා හැකියි.
The post වදුරු උණ රෝගය වැලදුනු පුද්ගලයන් 80 දෙනෙකු රටවල් 11කින් හඳුනා ගැනේ appeared first on ITN News.
Post a Comment