පසුගිය වසර දෙක තුළ පමණක් මෙක්සිකෝවේ පුද්ගලයින් අතුරුදන් වීමේ ප්‍රවණාතාව ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය වසර දෙක තුළ පමණක් පුදගලයින් 20,000කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති බවයි මෙක්සිකෝ අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ අතුරුදන් වූවන් පිළිබඳ ජාතික ලේඛනයේ දත්තවල සඳහන් වන්නේ. 1964 වසරේ සිට මේ දක්වා එරට පුද්ගලයින් 100, 023 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. ඉන් 74, 400කට වැඩි පිරිසක් පිරිමි පුද්ගලයින් බව සඳහන්. කාන්තාවන් 24,700ක් ද අතුරුදන් ව තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවන් හේතුවෙන් මෙලෙස අතුරුදන් වීමේ සිද්ධීන් වාර්තා වී ඇති බවයි අතුරුදන් වූවන් පිළිබඳ ජාතික ලේඛනය පෙන්වා දී ඇත්තේ. මෙය ඉතා සාපරාධී ක්‍රියාවක් බවයි ජගත් මානව හිමිකම් කවුන්සිලය පෙන්වා දෙන්නේ. අතුරුදන්වූවන් සොයා ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති වීමද කණගාටුදායක තත්වයක් බවයි එම කවුන්සිලය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
The post මෙක්සිකෝවේ පුද්ගලයින් අතුරුදන් වීමේ ප්‍රවණාතාව ඉහළට appeared first on ITN News.
Post a Comment