පාකිස්තානයේ ආර්ථික ආර්බුධය හමුවේ ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම සඳහා අද සාකච්ඡා ආරම්භ කරනවා.
එම සාකච්ඡා අද දිනයේ දී කටාර් අගනුවර වන දෝහා නුවර දී ආරම්භ කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පාකිස්තානයේ පවතින දැඩි ආර්ථික අපහසුතාව සහ පවතින දේශපාලන අර්බුද මධ්‍ය යේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට කටයුතු කෙරෙන බව එරට මූල්‍ය අමාත්‍යවරයා පසුගියදා සඳහන් කළා. ඒ අනුවයි අද එම සාකච්ඡා පැවැත්වෙන්නේ. එම සාච්ඡා ලබන සතිය තෙක් පැවැත්වීමට කටයුතු කරන බව මූල්‍ය අමාත්‍ය මිෆ්ටා ඉස්මයිල් සඳහන් කළා.
The post පාකිස්තානය සහ IMF අතර සාකච්ඡා අද ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment