Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙට සිට ජූලි 01 දක්වා පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් නිවේදනයක්  

Add comments

බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් 2022 ජුනි 27 සිට ජුලි 01 දක්වා සතිය තුළ පසුගිය සතියේ මෙන් නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

හෙටින් ඇරඹෙන සතියේ දී නාගරික ප්‍රදේශවල පාසල් දින 3 ක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබුණා. කෙසේ වෙතත් පාර්ශ්ව කිහිපයකින් ඉදිරිපත් වූ ඉල්ලීම් සළකා බලා හෙට සිට ලබන පළමුවනදා දක්වා සතිය තුළ කොළඹ කලාපයේ සිට නගර ආශ්‍රිත පාසල් නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

හෙට සිට ආරම්භ වන සතියේ අගහරුවාදා,  බදාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල උදෑසන 7.30 සිට පස්වරු 1.30 දක්වා පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබුණා. අනෙක් දින දෙක ඔන්ලයින් ඔස්සේ අධ්‍යයන කටයුතු සිදුකරන ලෙසටයි උපදෙස් ලබාදී තිබුණේ. එමෙන්ම ප්‍රාථමික අංශ පැවැත්වීමේ බලය විදුහල්පතිවරුන්ට පවරා තිබුණා. කෙසේ වෙතත් පසුගිය සතියේ පාසල් පැවැත්වූ ආකාරයට ඉදිරි සතියේදී ද පාසල් කටයුතු ක්‍රියාත්මක කරන ලෙස බලශක්ති අමාත්‍යවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඉල්ලීම් කර තිබෙනවා. ඒ අනුවයි පළාත් අධ්‍යාපන ලේකම්වරුන්,  පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා නගරබද ජාතික විදුහල්පතිවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වුණේ. එහිදී බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් හෙට සිට ලබන පළමුවනදා දක්වා වසා තැබීමට තීරණය කර තිබෙනවා. පසුගිය සතියේ දී ග්‍රාමීය පාසල් පැවැත්වූ ආකාරයටම සිසුන්ට සහ ගුරුවරුන්ට ප්‍රවාහන අපහසුතා නොපවතින්නේ නම් අගහරුවාදා,  බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පාසල් පැවැත්වීමට කටයුතු කරන ලෙස ද දැනුම්දී තිබෙනවා.

ලබන සතිය තුළ උසස් පෙළ සදහා වාර පරීක්ෂණ පැවැත්වීමට සූදානම්කර ඇත්නම් ඒවා සති දෙකකින් පසු පැවැත්වීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යාංශය දැනුවත්කර තිබෙනවා.

 

The post හෙට සිට ජූලි 01 දක්වා පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් නිවේදනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG