අනුරාධපුර කහටගස්දිගිලිය ප්රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක මියගොස් 12 දෙනෙකු තුවාල ලැබුවා.
අනුරාධපුර ත්රිකුණාමලය ප්රධාන මාර්ගයේ කහටගස්දිගිලිය රෝහල අසලදී කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළා. අද අලුයම සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ 65 හැවිරිදි කාන්තාවක්. තුවාල ලැබූ 12 දෙනා කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන් බරපතළ තත්ත්වයේ පසු වූ රියදුරු වැඩිදුර ප්රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමටයි කටයුතු කෙරුණේ. කැබ් රථයේ රියදුරුට නින්දයාම අනතුරට හේතුව බව මූලික පරීක්ෂණවලදී හෙළි වුණා.
The post රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට – 12 දෙනෙකුට තුවාල appeared first on ITN News.
Post a Comment