ශ්‍රී ලංකාව ඊයේ ලැබූ පරාජයත් සමඟ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ජය ඕස්ට්‍රේලියාවට හිමි වුණා.
ඊයේ පැවති දෙවන විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට ශ්‍රීලංකාවට ආරාධනා කළා. ඒ අනුව කඩුලු 9 ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 124 ක් පමණයි. ඕස්ට්‍රේලියාව යැවූ පළමු පන්දුවාරයේ පස්වන පන්දුවේදීම ධනුෂ්ක ගුණතිලකගේ ඉනිම අවසන් වුණා. ඔහු රැස්කර ගත්තේ ලකුණු 4 ක් පමණයි. ග්ලේන් මැක්ස්වෙල්ගේ පන්දුවක් හමුවේ ධනුෂ්ක ගුණතිලක දැවීගියා. යළි ශ්‍රී ලංකා පිළ අසරණ කළ ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් මුළු ලකුණු පුවරුව ලකුනු 7ක් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන කඩුල්ල දැවී ගියා. ඒ පැතුම් නිශ්ශංකයි. ඔහුට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 3 ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩයමේ බලාපොරොත්තු තරමක් හෝ දුරට ඉහළනැංවීමට තුන්වන කඩුල්ල වෙනුවෙන් එක් වූ චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස් සමත් වුණා. ඔවුන් දෙදෙනා ලකුණු 66 ක සබදතාවක් ගොඩනැගුවා. චරිත් අසලංක ලකුණු 39 ක් රැස් කළා. ඒ පන්දු 36 කට මුහුණ දෙමින්. ඔහු හතරේ පහර දෙකක් හා හයේ පහර දෙකක් එල්ල කළා. හතරවන කඩුල්ල ලෙස දැවී ගියේ කුසල් මෙන්ඩිස්. ලකුණු 36 ක් රැස්කරගෙන සිටි කුසල් මෙන්ඩිස් හිට් විකට් වීම හේතුවෙන් දැවී ගියා. ඔහු දැවී යනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සදහන් වූයේ කඩුලු 4 කට ලකුණු 90 ක් ලෙසයි. මුළු ලකුණු සංඛ්‍යාව 101 ක් ව තිබියදී භානුක රාජපක්ෂ දැවී ගියා. ඔහුට රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 13 ක් පමණයි. වනිදු හසරංග රැස් කළ ලකුණු සංඛ්‍යාව 12 ක් වනවා. ලකුණු 14 ක් රැස්කරගෙන සිටි දසුන් ශානක දැවී ගියේ තරගයේ 19 වන පන්දුවාරයේදී. දුෂ්මන්ත චමීරට හා චාමික කරුණාරත්නට ලකුණු ලබා ගැනීමට හැකිවූයේ නැහැ. ජයිරිජස්ටන් ලකුණු 26 කට කඩුලු 3 ක් බිද හෙලුවා. එමෙන්ම කේන් රිජස්ටන් ලකුනු 30 ක් තුලදී කඩුලු 4 ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාවට ශක්තිමත් ආරම්භයක් ලබාදීමට අරෝන් පින්ච් සමත් වුණා. ඔහු ලකුණු 24 ක් රැස් කළා. මැතිව් වේඩ් රැස්කළ ලකුණු 26 ක් රැස් කරමින් ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණය තහවුරු කළා. පන්දුවාර 17 යි පන්දු 5 කදී කඩුලු 7 ක් පමණක් දැවී තිබියදී ජයග්‍රහණය වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.
The post T20 තරගාවලියේ ජය ඕස්ට්‍රේලියාවට appeared first on ITN News.
Post a Comment