පසුගිය වසරේදී රාජ්‍ය දැව සංස්ථාව රුපියල් බිලියන 1.5ක දැවැන්ත ලාභයක් අත්පත් කරගෙන තිබෙනවා. කොරෝනා වසංගත තත්ත්වය මධ්‍යයේ වුවත් මෙවැනි විශාල ලාභයක් අත්පත් කරගෙන ඇත්තේ සංස්ථාව මනා මූල්‍ය කළමනාකාරීත්වයකින් කටයුතු කළ නිසා බවයි සංස්ථාවේ නිලධාරීන් පවසන්නේ.
අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය දැව සංස්ථා ශ්‍රවනාගාරයේදී ඊයේ එහි ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වුණා. මෙහිදී හෙළි වූයේ දැනට ශ්‍රී ලංකා රාජ්‍ය දැව සංස්ථාව සතුව ඉතා ඉහළ මූල්‍ය වත්කම් ප්‍රමාණයක් පවතින බවයි. සෑම වසරකම රාජ්‍ය දැව සංස්ථාව රජයට රුපියල් මිලියන දෙදහසක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබා දෙනවා. මේ වසරේද අදාළ මුදල ලබාදීමට කටයුතු කරන බවයි මෙහිදී ප්‍රකාශ වුණේ. දැනට දැව සංස්ථාව සතුව කළුවර දැව බහාලුම් 20 ක් පමණ පවතිනවා. ඒවා මිශ්‍ර කර දැව භාණ්ඩ නිපදවා විදේශ රටවලට අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අවධානය යොමු කරන ලෙසයි අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේ.
The post රාජ්‍ය දැව සංස්ථාවට පසුගිය වසරේදී බිලියන 1.5ක ලාභයක් appeared first on ITN News.
Post a Comment