දශක ගණනාවක් මෙරට රිදී තිරය ආලෝකවත් කළ රිදී තිරයේ සූකිරි කෙල්ල සුමනා අමරසිංහ ජනප්රිය රංගන ශිල්පිනිය අද දැයෙන් සමුගෙන යනවා.
ජනතා පුවත්පතේ ලස්සන මුහුණු තරගයෙන් දෙවන ස්ථානය ලබා ගනිමින් සුමනා අමරසිංහ සිනමා වරම් හිමිකර ගත්තා. පිපෙන කුමුදු චිත්රපටයට පළමු රංගන දායකත්වය ලබාදෙන ඇය පසුව සුනේත්රා, සූකිරි කෙල්ල, ඔබයි මමයි වැනි චිත්රපට වලින් ජනප්රියත්වයට පත්වුණා. රෑන ගිරව්, දැන් මතකද, මේ දෑස කුමටද, ලොකුම හිනාව, ටොම් පචයා, සුදු පරවියෝ, කඩවුනු පොරොන්දුව නව නිෂ්පාදනය, ගෙදර බුදුන් අම්මා වැනි චිත්රපට රැසකට ඇය සිය රංගන දායකත්වය ලබා දුන්නා. චිත්රපට නිෂ්පාදන ක්ෂේත්රයටද අවතීර්ණ වූ සුමනා අමරසිංහ ටොම් පචයා, තණ ගිරවී, සුදුසු පිරුවට සහ චෙරියෝ ඩොක්ටර් ඇතුළු චිත්රපට ගණනාවක් නිෂ්පාදනය කළා. මෙරට සිනමාවේ නිෂ්පාදනය, ගායනය, සහාය අධ්යක්ෂණය සහ සහාය සංස්කරණය යන අංග සදහා දායක වූ එකම නිලිය වන්නේ ද සුමනා අමරසිංහයි. හතර පෙරළිය සිනමා පටයේ රංගනයේ දී සිය ජීවන සහකරු වන ජනප්රිය රංගන ශිල්පී රෝයි ද සිල්වා සමග විවාහ වන සුමනා අමරසිංහ 70 දශකයේ ශ්රී ලාංකේය සිනමාවේ ජනප්රියම තාරකාවක් ලෙස සිය ප්රතිභාව විදහා දැක්වූවා. ඇය දිවියෙන් සමුගන්නා විට 73 වන වියේ පසුවුණා.
ජනප්රිය ප්රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.
The post රංගන ශිල්පිනී සුමනා අමරසිංහ මහත්මියගේ අවසන් කටයුතු අද පස්වරුවේ appeared first on ITN News.
Post a Comment