Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසර 150 කට පසු ජපානයේ ඉහළම උෂ්ණත්වය වාර්තා වෙයි  

Add comments

වසර 150 කට පසු ජපානයේ ඉහළම උෂ්ණත්වය මේ වන විට වාර්තා වන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

1875 වසරෙන් පසු දරුණුතම උෂ්ණ තරංග මාලාව ජපානයට බලපා ඇති බවයි වාර්තා වන්නේ.  ඊයේ දිනයේදී ටෝකියෝ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ඉක්මවා ගියේ අඛන්ඩව පස්වන දිනටයි. එමෙන්ම ඉසෙසාකි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා තිබෙනවා.

උෂ්ණත්වය ඉහළ යාමත් සමග විදුලි පරිභෝජනය වැඩි වී ඇති අතර අඛන්ඩ විදුලි සැපයුමට බාධා එල්ල විය හැකි බවට ජපාන රජය අනතුරු අගවනවා. ඒ හේතුවෙන් අනවශ්‍ය විදුලි බුබුළු නිවා දමන ලෙසයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

කෙසේ වුවද අධික උෂ්ණත්වය හේතුවෙන් රෝගාබාධයන් ඇතිවීම වළක්වා ගැනීම සදහා වායුසමීකරණ භාවිත කරන ලෙසද රජය ජනතාවට දැනුම් දෙනවා. ඉදිරි දින කිහිපයේදී ද මෙම තත්ත්වය අඛණ්ඩව පැවැතිය හැකි බවටයි කාලගුණ අංශ අනාවැකි පළ කරන්නේ.

 

The post වසර 150 කට පසු ජපානයේ ඉහළම උෂ්ණත්වය වාර්තා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG