Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රතිපත්තිවලට යටත්ව ශ්‍රී ලංකාවට සහය දෙන්න IMF සූදානම්  

Add comments

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට යටත්ව ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදීමට සූදානම් බව එම මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පවසනවා.

පුරා දින 10 ක් මෙරට රැදී සිට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් හා ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා වට රැසක් පවත්වා අද දිනයේදී ඔවුන් දිවයිනෙන් පිටත්ව ගියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් දිවයිනට පැමිණියේ පසුගිය 20 වනදායි. එදින සිට ඔවුන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විශේෂ සාකච්ඡා ආරම්භ කළා. එමෙන්ම  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගද මූලික වටයේ සාකච්ඡාවලටද ඔවුන් එක් වුණා.

මෙරට රැදී සිටි දින 10 ක කාලය තුළ ඔවුන් රාජ්‍ය නායකයින්, නිලධාරින් සහ ණය ප්‍රතිව්‍යුහගත කරන මූල්‍ය ආයතන සමග සාකච්ඡා පැවැත්වුවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා මෙරටට ලබාදීමට නියමිත මූල්‍යාධාර වැඩසටහන පිළිබද පසුගිය මැයි මාසයේ 9 වන දින සිට 24 වනදා දක්වා පැවති සාකච්ඡාවන්හි දිගුවක් ලෙසයි එම කණ්ඩායම මෙසේ දිවයිනට පැමිණ සාකච්ඡා ආරම්භ කළේ.

ශ්‍රී ලංකාවට ණය ලබාගන්නා ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර තිබුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා කරුණු පැහැදිලි  කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති වලට අනුගතව ශ්‍රී ලංකාවට පූර්ණ සහයෝගය ලබාදීමටයි ඔවුන් කැමැත්ත පළ කර ඇත්තේ.

ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වන විදුලි බිල සංශෝධනය  සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සමගද සාකච්ඡා කර තිබුණා. ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීම සදහා ඵලදායී මට්ටමේ සාකච්ඡා අඛණ්ඩව පැවති බවයි එම දූත පිරිස සදහන් කළේ.

 

 

 

 

The post ප්‍රතිපත්තිවලට යටත්ව ශ්‍රී ලංකාවට සහය දෙන්න IMF සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG